Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කොළඹ දකුණ දිනවූ කංකානම්ගේ අවසන් තරගයේ වීරයා වෙයි
ප්‍රීමා යොවුන් ලීගය

කොළඹ දකුණ දිනවූ කංකානම්ගේ අවසන් තරගයේ වීරයා වෙයි

editorial - 2024 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහ තරගයේදී චනිතු කංකානම්ගේ දැක්වූ විශිෂ්ට දස්කම් නිසා  මහනුවර කණ්ඩායම ලකුණු 149 කින් පරාජය කරමින් කොළඹ දකුණ කණ්ඩායම ශූරතාව දිනාගත්තේය. 

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී කොළඹ දකුණ පිල වෙනුවෙන් ලකුණු 21 ක් ලබාගත් චනිතු කංකානම්ගේ, දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින්  නිලකුණු ඕවරයක්ද සමග ඕවර 9 කදී ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගත්තේය.  ලකුණු 215 ක ඉලක්කයක් කරා ගිය මහනුවර ක්‍රීඩකයෝ, චනිතු කංකානම්ගේ ඇතුළු කොළඹ දකුණ පන්දු යවන්නන් හමුවේ ලකුණු 65 කට දැවී ගියහ. චනිතු කංකානම්ගේ අවසන් මහ තරගයේ වීරයා වශයෙන් ද සම්මාන දිනාගත්තේය. 

වමතින් වේග පන්දු යවන චනිතු කංකානම්ගේ මෙම තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කරමින් කඩුලු 13 ක් දවාගත්තේය. 


අදහස් (0)

කොළඹ දකුණ දිනවූ කංකානම්ගේ අවසන් තරගයේ වීරයා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.