Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ගාල්ල රිච්මන්ඩ් - රත්ගම දේවපතිරාජ විදුහල් අවසන් පූර්ව තරගය අඟුණකොළපැළැස්සේදී
13න් පහළ ක්‍රිකට්

ගාල්ල රිච්මන්ඩ් - රත්ගම දේවපතිරාජ විදුහල් අවසන් පූර්ව තරගය අඟුණකොළපැළැස්සේදී

editorial - 2024 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ  අවසන් පූර්ව තරගය සඳුදා (30) දින අඟුණකොළපැළැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර මෙම තරගය පැවැත්වෙයි. 

පසුගිය වසරේදීද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරගාවලියේ පළමු වටයේදී තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. දෙවැනි වටයේදී වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට පැමිණි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය එහිදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය පැරදවූ ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයෝ මෙවරත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

පළමු වටයේදී තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වෙමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. දෙවැනි වටයේදී කොළඹ ආනන්ද විද්‍යාලය පරදවමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව 
වටයට සුදුසුකම් ලබාගත්  රත්ගම දේවපතිරාජ විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලය පැරදවමින් තම පාසල් ඉතිහාසයේ පළමු වරට 13න් පහළ පළමු කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල පිල උදුල කුමුදක විසින් මෙහෙයවනු ලබයි.  දියත් සංජිත රත්ගම දේවපතිරාජ විද්‍යාල පිල මෙහෙයවයි.

 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය සංචිතය
උදුල කුමුදක (නායක), සදෙව් දෙව්මිණ, අකිඳු කවීෂ, ජනිරු නෙත්මික, උදිත අග්‍රශ්‍රී, කෙවින් කුල්ජාන්, සෙතුම් සඳුල්, දිනිඳු තීක්ෂණ, අවිෂ්ක දෙනුවන්, කිරුළිඳු සුවහස්, සනිජ නෙත්මිර, නිතිෂ් මන්දිනු, පබසර වෙල්ලප්පිලි, දෙව්මිතු දුල්සර, සිතුග රනුතිස සහ චානුග ලක්වින්
චමිල් ගනේගොඩ (ක්‍රිකට් භාර ආචාර්ය), මහේෂ් සඳරුවන් (ප්‍රධාන  පුහුණුකරු), ධනුෂ්ක ගලප්පත්ති (සහාය පුහුණුකරු), නිමේෂ් චතුරංග (සහාය පුහුණුකරු)

රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය සංචිතය
දියත් සංජිත (නායක), අධීෂ ගෞතම්, දෙනුවන් යෝෂිත, පිනිඳු නෙත්සර, දෙනෙත් පැහැසර, සිනෙත් මධුසංක, මෙනෙත් සංකලන, ශනිදු සිනෙත්, දෙනෙත් දිනුක, සශේන් සස්මිත, මනීෂ සසපුන් සහ අශේන් තාරක 
ලීලාරත්න විමලකීර්ති මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), කේ. රංජන් ලසන්ත ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු), සුදීර වීරරත්න මහතා (සහාය පුහුණුකරු)


අදහස් (0)

ගාල්ල රිච්මන්ඩ් - රත්ගම දේවපතිරාජ විදුහල් අවසන් පූර්ව තරගය අඟුණකොළපැළැස්සේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.