Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගිය වසරේ සම ශූරයන් වූ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සමත්විය.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පසුගිය වසරේ සම ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය ප්‍රසාද ලකුණු අනුව පරාජය කරමින් ඩී.එස්.සේනානායක විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගයේදී කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ උප නායක හාමීඩ් අෆ්ඩාල් කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 53ක් රැස් කරමින් තම පිලේ ජයග්‍රහණයට දායක විය.
කොළඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50කදී කඩුලු 5 ට 162 යි.
(උෂේන් තුඩුගල 43, ඩෑන් අබේසිංහ 30, අභිරු අමරසේකර 26)
ඩී. එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම ඕවර 47 කදී කඩුලු 2 ට 103 යි.
(හාමීඩ් අෆ්ඩාල් නොදැවී 53, මියුරු බණ්ඩාර 28, මහිම සිල්වා 13/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.