Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඩී.එස්.සේනානායක මෙවරත් අවසන් තරගයට
13න් පහළ ක්‍රිකට්

ඩී.එස්.සේනානායක මෙවරත් අවසන් තරගයට

editorial - 2024 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සමත්විය. කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය පසුගිය වසරේදී මෙම තරගාවලියේ සම ශූරතාව දිනාගත් විදුහලයි.

හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගනිමින්  කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය මෙවරත් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නායක මියුරු බණ්ඩාර පන්දු 133 කදී හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 109ක් රැස් කරමින් මෙවර තරගවාරයේ තම පස්වැනි ශතකය වාර්තා කළේ මේ දක්වා එවැනි දස්කමක් දැක්වූ එකම ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ඩී. එස්. සේනානායක පිලේ උප නායක හාමීඩ් අෆ්ඩාල් මෙම තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වීය. හාමිඩ් අෆ්ඩාල් පන්දු 47කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින්  නොදැවී ලකුණු 63ක් රැස් කළ අතර, පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 7කට කඩුලු 4ක් ද දවාලමින් මීගමුව මාරිස්ටෙලා පිලට දැඩි තර්ජනයක් එල්ල කළේය.


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 213 යි
(මියුරු බණ්ඩාර නොදැවී 109, හාමිඩ් අෆ්ඩාල් නොදැවී 63, සංසල විතානගේ 35/3)

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 24.3 කදී සියලු දෙනා දැවී  73 යි 
(සංසල විතානගේ 25, හමීඩ් අෆ්ඩාල්  07/4, රනිතු කුමාරසිංහ 16/3)


අදහස් (0)

ඩී.එස්.සේනානායක මෙවරත් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.