Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.
දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ලකුණු 16 ක ජයක් ලබාගනිමින් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අවසන් තරගයට පිවිසියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඕවර 41.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.
මනිඳු හේරත් ලකුණු 37 ක් සහ දිනුජය හෙට්ටිආරච්චි ලකුණු 23 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් හමුවේ ජයග්‍රහණය ආසන්නයට පැමිණි බණ්ඩාරනායක විද්‍යාලයට තරගය අතහැර දැමීමට සිදුවිය.
රන්දීව් සෙනවිරත්න ඕවර 5.3 කදී ලකුණු 7 කට කඩුලු 4 ක් සහ චිරන්ත දෙව්රුවන් ඕවර 10 කදී එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගනිමින් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. නවෝද්‍ය ගිම්හාන ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගනිමින් සිය පාසලේ ජයග්‍රහණයට දායක විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 154 ක් ලබාගැනීමට සමත්විය.
චමෝද් මිහිරාන් පන්දු 84 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 40 ක් ද, චරිත් හර්ෂණ නොදැවී ලකුණු 23 ක්, දේශාන් දිල්මිත් ලකුණු 22 ක් සහ රන්දීව් සෙනෙවිරත්න ලකුණු 20 ක් ලබාගනිමින් තක්‍ෂිලා විද්‍යාලීය ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
ඕවර 10 ක් යැවූ දුලාන් රණසිංහ එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තක්‍ෂිලා ම.ම.විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 154
(චමෝද් මිහිරාන් 40, චරිත් හර්ෂණ නොදැවී 23, දේශාන් දිල්මිත් 22, රන්දීව් සෙනෙවිරත්න 20, දුලාන් රණසිංහ 25/4)
බණ්ඩාරනායක විද්‍යාලය - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී 138
(මනිඳු හේරත් 37, දිනුජය හෙට්ටිආරච්චි 23, රන්දීව් සෙනවිරත්න 07/4, චිරන්ත දෙව්රුවන් 37/4, නවෝද්‍ය ගිම්හාන 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.