Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තරගාවලියට ශූරතා දෙකක්
19 න් පහළ පාසල් ක්‍රිකට්

තරගාවලියට ශූරතා දෙකක්

editorial - 2022 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය 2022 වසර වෙනුවෙන් සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. 

‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය අප්‍රේල් මස 9 වැනිදාද, ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය අප්‍රේල් මස 10 වැනිදාද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම කොටස් දෙක සඳහා ශූරතා දෙකක් පිරිනැමෙනු ඇත. 

තරගාවලිය මාර්තු මස 9 වැනිදා සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙක සඳහාම කණ්ඩායම් 18 බැගින් සහභාගි වන අතර එහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වූ ‘එක්ස්’, ‘වයි’ සහ ‘ඉසෙඞ්’ යන අනු කාණ්ඩ 3 යටතේ එම කණ්ඩායම් මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග වදිනු ඇත. 

මූලික වටයේ තරග මාර්තු මස 25 වැනිදායින් නිමාවට පත්වන අතර අනු කාණ්ඩ තුනේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් 6 සහ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් 3 න් වැඩි දස්කම් දක්වන කණ්ඩායම් 2 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. 

අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙනු ඇත. ‘ඒ’ සහ ‘බී’ කොටස් දෙකෙහිම අර්ධ අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 29 වැනිදාද, අවසන් පූර්ව වටයේ තරග අප්‍රේල් මස 3 වැනිදාද පැවැත්වීමට නියමිතය. 

‘ඒ’ කාණ්ඩය

‘එක්ස්’ අනු කාණ්ඩය
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 

‘වයි’ අනු කාණ්ඩය
කොළඹ රාජකීය විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල 

‘ඉසෙඞ්’ අනු කාණ්ඩය
කොළඹ මහානාම විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, කැලණිය ගුරුකුල විදුහල, මොරටුව වේල්ස්කුමර විදුහල, කුරුණෑගල මලියදේව විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල 

‘බී’ කාණ්ඩය

‘එක්ස්’ අනු කාණ්ඩය
ගාල්ල මහින්ද විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, මහනුවර ධර්මරාජ විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල 

‘වයි’ අනු කාණ්ඩය
රත්ගම දේවපතිරාජ විදුහල, කොළඹ ඉසිපතන විදුහල, වෙන්නප්පුව ශාන්න ජෝෂප් වාස් විදුහල, මොරටු මහ විද්‍යාලය, කොළඹ ලුම්බිණි විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල 

‘ඉසෙඞ්’ අනු කාණ්ඩය
කොළඹ ආනන්ද විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කොළඹ සහිරා විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල

 


අදහස් (0)

තරගාවලියට ශූරතා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.