Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තිස්ස මැදි විදුහල අවසන් පූර්ව වටයට

තිස්ස මැදි විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කළුතර තිස්ස මැදි විදුහල සමත් විය.
 
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කළුතර විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තිස්ස මැදි විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී තිස්ස මැදි විදුහලේ අෂේන් චනුල නොදැවී ලකුණු 63 ක් රැස්කළ අතර එම විදුහලේම දනුක නිෂාද් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගත්තේය.


කළුතර විද්‍යාලය - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 174  
(හංසක අනූපම 71, පවන් සංදීප 23, දනුක නිෂාද් 19/4, ශරීන් ධනංජය 36/2)

තිස්ස මැදි විදුහල - ඕවර 22.4 කදී කඩුලු 5 ක් දැවී 127  
(අෂේන් චනුල නොදැවී 63, රන්දුල දසුන් 22, විෂ්මික කොස්තා 27/4)

-036

 


අදහස් (0)

තිස්ස මැදි විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.