Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පානදුර රාජකීය විදුහල ඊයේ (24 වැනිදා) සමත් විය.
මොරටුව ද සොයිසා ක්රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී මාතලේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගනිමින් රාජකීයයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ.
එහිදී පානදුර රාජකීය විදුහල වෙනුවෙන් හසන්ත වරුණජිත් නිලකුණු ඕවර 2 ක්ද සමග සිය ඕවර 10 කට සීමා කරමින් කඩුලු 5 ක් දවාගත් අතර ආරම්භක පිතිකරු ජයෝද් සිල්වා පන්දු 79 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 60 ක් රැස්කළේය.
ශාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 141
(දුලාර මධුෂංක 43, හසන්ත වරුණජිත් 20/5)
පානදුර රාජකීය විදුහල - ඕවර 41.3 කදී කඩුලු 6 ක් දැවී 144
(ජයෝද් සිල්වා 60, සචින් ජයසිංහ නොදැවී 28, විදත්රු සුබසිංහ 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.