Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මාතර ශාන්ත තෝමස් විදුහල සහ ශාන්ත සර්වේෂස් විදුහල අතර පැවැත්වෙන 122 වැනි රුහුණු නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (25 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත සර්වේෂස් විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියේය. තවත් කඩුලු 8 ක් අතැතිව සිටින ශාන්ත සර්වේෂස් විදුහල, පළමු ඉනිමේදී ඉදිරියට පැමිණීමට නම් තවත් ලකුණු 84 ක් ලබාගත යුතුව තිබේ.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සර්වේෂස් විදුහලේ විරාන් චමුදිත ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම අඩපණ කළේය.
ශාන්ත තෝමස් විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා චමුදිතට අනගි සහායක් දුන් තරුෂ ධමිඳු ලකුණු 23 කට කඩුලු 3 ක්ද, හසිත අමරසිංහ ලකුණු 33 කට කඩුලු 2 ක්ද දවාගත්හ. ශාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හරින්ද ජයසේකර ලකුණු 53 ක් රැස්කළේය.
හෙට (26 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 68.1 කදී සියලු දෙනා දැවී 132
(හරින්ද ජයසේකර 53, විරාන් චමුදිත 45/4, තරුෂ ධමිඳු 23/3, හසිත අමරසිංහ 33/2)
ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී 48
(හසිත අමරසිංහ 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.