Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මාදම්පා මැදි විදුහල කඩුලු 8 කින් ජයගනී

මාදම්පා මැදි විදුහල කඩුලු 8 කින් ජයගනී

editorial - 2020 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ කුලීගොඩ මාදම්පා මැදි විදුහල අතර මාදම්පා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට මාදම්පා මැදි විදුහල සමත් විය.

එහිදී මාදම්පා මැදි විදුහලේ මල්ෂ තරුපති ලකුණු 84 ක් රැස්කරමින් සහ ලකුණු 129 කට කඩුලු 9 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර එම විදුහලේම දනුක ද සිල්වා (54), සහ සචින් දිල්හාර (නොදැවී 65) අර්ධ ශතක ලබාගත්හ.  


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 63.3 කදී සියලු දෙනා දැවී 221
(තරීන් ගිම්හාන් 99, මලිඳු පෙරේරා 31, අෂේන් චමුදිත 28, මල්ෂ තරුපති 69/6, චවිඳු ද සොයිසා 51/3)

මාදම්පා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලු දෙනා දැවී 199
(දනුක ද සිල්වා 54, සචින් දිල්හාර 46, දිල්හාන් ජයලත් 28, තරුෂ්ක අසෙල් 39/4 මලිඳු පෙරේරා 74/3)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 161
(දුරංග ප්‍රමෝද් 47, මනුජ මයන්ජිත් 31, අෂෙන් චමුදිත 23, තරීන් ගිම්හාන 23, මල්ෂ තරුපති 60/3, චවිඳු ද සොයිසා 15/2, කාවින්ද්‍ය සුරේෂන 24/2,)

මාදම්පා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18.3 කදී කඩුලු 2 ක් දැවී 184
(මල්ෂ තරුපති 84, සචින් දිල්හාර නොදැවී 65, සුනෙත් මෙන්ඩිස් 30)


-036

 


අදහස් (0)

මාදම්පා මැදි විදුහල කඩුලු 8 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.