Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කඳාන ද මැසිනොද් විදුහල සමත් විය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් මැසිනොද් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
එහිදී මැසිනොද් විදුහලේ රුවීන් ෆොන්සේකා ලකුණු 51 ක් රැස්කළ අතර එම විදුහලේම සෙනාෂ් ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
නාලන්දා විදුහල - ඕවර 34 කදී සියලු දෙනා දැවී 120
(සජිත විතානගේ 33, චනුල් අතුකෝරල 20, සෙනාෂ් ප්‍රනාන්දු 22/4)
මැසිනොද් විදුහල - ඕවර 32.2 කදී කඩුලු 2 ක් දැවී 121
(රුවීන් ෆොන්සේකා 51, මිතුල් සෙනරත් නොදැවී 41, ලෙස්ටර් ජයවීර 21)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.