Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මැසිනොද් විදුහල කඩුලු 8 ක ජයක් ලබයි

මැසිනොද් විදුහල කඩුලු 8 ක ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල සහ කදාන ද මැසිනොද් විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මැසිනොද් විදුහලේ සෙනාෂ් ප්‍රනාන්දු සහ අසිත සිල්වා කඩුලු 8 බැගින් දවාගනිමින් මැසිනොද් විදුහලේ ජයග්‍රහණය පහසු කළහ.

ශාන්ත ඇලෝෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 91
(අර්චන උඩුගම්පොළ 34, සෙනාෂ් ප්‍රනාන්දු 20/5, ප්‍රමෝද් රාජමුණින්ද්‍ර 08/3, අසිත සිල්වා 41/2)

මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලු දෙනා දැවී 214
(ලෙස්ටර් ජයවීර 67, සෙනාෂ් ප්‍රනාන්දු 33, සාලිය ජූඞ් 31, මිතුල් සේනාරත්න 28, රුවින් ෆොන්සේකා 25, දුල්මිණ දසුන් 52/6, සඳුන් මධුෂංක 48/2)

ශාන්ත ඇලෝෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 58.4 කදී සියලු දෙනා දැවී 203
(නිදුක මල්සිත් 43, සඳුන් මදුෂංක නොදැවී 28, පවන් සංදීප් 36, කවිඳු දිල්හාර 28, අසිත සිල්වා  63/6, සෙනාෂ් ප්‍රනාන්දු 77/3)

මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම- ඕවර 26.2 කදී කඩුලු 2 ක් දැවී  81
(ලෙස්ටර් ජයවීර 28, රුවින් ෆොන්සේකා 27)

-036


අදහස් (0)

මැසිනොද් විදුහල කඩුලු 8 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.