Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මීගමුව මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට
13න් පහළ ක්‍රිකට්

මීගමුව මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට

editorial - 2024 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලැබීය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක චෙමිත මධුෂාන් ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව පන්දු යැවීමෙන් දස්කම් දැක්වීමට සමත්විය. චෙමිත මධුෂාන් මෙම තරගයේ 
ඉනිම දෙකේදී  ලකුණු 67 කට කඩුලු 10 ක් දවාලීමට සමත්විය. මාරිස්ටෙලා පිලේ නායක යෙනුල් බණ්ඩාර පිත්තෙන් ලකුණු 79 ක් රැස් කළේය.  


 
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 87 යි 
(ඔකිත සෙත්සර 29, ශලොම් උයන්ගොඩ 25, සංසල විතානගේ 18/4, චේමිත මධුෂාන්  23/4)

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 36.5 කදී කඩුලු 8 ක් දැවී 186 යි. 
(යෙනුල් බණ්ඩාර 79, සංසල විතානගේ 30, ඩිහේන් කෘස් 28, මිනුල් නිම්සිත 10/2, කොවිඳු සන්දිල 14/2, ශලොම් උයන්ගොඩ 51/2)

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 31 කදී කඩුලු 9 ක් දැවී 85 යි. 
(තේනුක උදාන් 23, අබ්දුල්ලා අම්ජාඩ් 20, චේමිත මධුෂාන් 44/6)


අදහස් (0)

මීගමුව මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.