Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 260 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ දිනෙක් කිනිගම (107) ශතකයක් ලබාගත් අතර මහිත් රාජපක්ෂ (62) සහ යසිඳු අබේවික්‍රම (53) අර්ධ ශතක ලබාගත්හ.
දිදුල ජයසූරිය ලකුණු 06 කට කඩුලු 5 ක්ද, චිරාන් කරුණාරත්න ලකුණු 26 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් රාජකීය විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 332
(දිනෙක් කිනිගම 107, මහිත් රාජපක්ෂ 62, යසිඳු අබේවික්‍රම 53, ඔකිත මුදුන්කොටුව 28, දිදුල ජයසූරිය 26, අබිරු කන්නංගර 21, තලීෂ සිල්වා 61/3, මලීෂ ලක්ෂාන් 44/2)
ශ්‍රී ජයවර්ධනපුර විදුහල - ඕවර 14.4 කදී සියලු දෙනා දැවී 72
(දහම් කෞෂල්‍ය 25, කුසල් නිර්මල 22, දිදුල ජයසූරිය 06/5, චිරාන් කරුණාරත්න 26/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.