Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අද (19 වැනිදා) සමත් විය.
මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රිඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මාතර රාහුල විදුහලට එරෙහිව ලකුණු 31 ක ජයක් අත්කර ගනිමින් ලයිසියම් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගමිත පවන් (61) අර්ධ ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර එම විදුහලේම මිතුෂ් ලක්ෂ්මන් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් රාහුල විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පෙරමුණ ගත්තේය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 148
(ගමිත පවන් 61, තීක්ෂණ ෂෙහාන් 26, ජෙරන් ප්‍රනාන්දු 20, සදෙව් රිත්මික 27/3, බිනුර සංකේත් 17/2)
රාහුල විදුහල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 117
(තරිඳු රාජපක්ෂ 52, බිනුර සංකේත් 24, මිතුෂ් ලක්ෂ්මන් 14/3, මොහොමඩ් රිෆ්නාස් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.