Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වෙස්ලි විදුහල ලකුණු 103 ක් ඉදිරියෙන්

වෙස්ලි විදුහල ලකුණු 103 ක් ඉදිරියෙන්

editorial - 2022 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර දෙවැනි වරට පැවැත්වෙන කාට්මන් කුසලාන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (25 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත බෙනඩික් විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියේය.

ශාන්ත බෙනඩික් විදුහල තවත් කඩුලු 5 ක් අතැතිව සිටියද වෙස්ලි විදුහල තවමත් ලකුණු 103 ක් ඉදිරියෙන් සිටියේය. ශා. බෙනඩික් විද්‍යාලයේ ශාරුජන් ෂන්මුගනාතන් නොදැවී ලකුණු 46 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

හෙට (26 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

වෙස්ලි විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත බෙනඩික් විදුහලේ ඩිලාන් තාබෲ ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර සචින් සේනානායක සහ චමත් චාතූර්ය කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.


වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 218
(ලිනාල් සුබසිංහ 34, අෂාන් ඉෂාර 31, චමත් ගෝමස් 30, සනිතු අමරසිංහ නොදැවී 27, සෙමිල ලියනගේ 25, උවින් පෙරේරා 24, ඩිලාන් තාබෘ 42/4, සචින් සේනානායක 29/2, චමත් චාතූර්ය 50/2)

ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 5 ක් දැවී 115
(ශාරුජන් ෂන්මුගනාතන් නොදැවී 46, කෝජිත හිම්සර 26, ෂෙනෙල් සමරතුංග 25, උවින් පෙරේරා 16/2)

 


අදහස් (0)

වෙස්ලි විදුහල ලකුණු 103 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.