Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (5 වැනිදා) පන්නිපිටිය ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු වටයේදී පාසල් කණ්ඩායම් 328ක් ලීග් ක්‍රමයට තරග වැදුණු අතර ඉන් කණ්ඩායම් 152 ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ. දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්විනි.
හොරණ ශ්‍රීපාලි විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව තරග වටයේදී හම්බන්තොට ශාන්ත මරියා විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සහ මහරගම ජනාධිපති විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු නමුත් තරග කොන්දේසි අනුව හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව තරග වටයේදී නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (බී) පිල පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව විද්‍යාලය (බී) පිල පැරදවූ මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
හොරණ ශ්‍රීපාලී විද්‍යාල පිල දනුජ සේජාන් විසින් මෙහෙයවනු ලබන අතර මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාල පිල චලන නිමේෂණ විසින් මෙහෙයවනු ලබයි.
හොරණ ශ්‍රීපාලී විද්‍යාල සංචිතය:
දනුජ සේජාන් (නායක), රුක්මාල් වීරසිංහ, නෙවන් චන්දුල්, සසෙන් දෙව්සත්, යුමාල් යසින්ත, පූර්ණ අර්චනා, ෂෙහාන් දීමන්ත, මුදිත නවාංජන, රනිෂ්ක කෞශල්‍ය, තේනුක බවන්ත, තරුෂ සත්සර, නවිරු නෙත්යුග සහ සේමිත ගිත්සර.
මහීප ගමගේ මහතා (ප්‍රධාන පුහුණුකරු), සුසිල් කිඳෙල්පිටිය මහතා (සහාය පුහුණුකරු), ප්‍රසාද් මධුසංක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
මොරටුව මෙතෝදිස්ත උසස් පාසල් සංචිතය:
චලන නිමේෂණ (නායක), රිෂාන් ඉඳුවර (උපනායක), අකිල විමුක්ති, නෙත්ම රෙහාන්, චතුර පෙරේරා, ෂෙවාන් නිමේෂ, නවීන් ජූඩ්, රසාංග මලීෂ, ධනුජ නෙත්මිණ, නවීන් ඕෂධ, දිවාන් කවීෂ සහ නෙත්මල් පසිදු
ජයනාත් මෙන්ඩිස් මහතා (පුහුණුකරු), කේ. රොෂාන් චමින්ද මහතා (කණ්ඩායම් භාර ආචාර්ය),
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.