Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල අද (20 වැනිදා) සමත් විය. කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ක්රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල රිචිමන්ඩ් විදුහලට එරෙහිව ලකුණු 128 ක පහසු ජයක් අත්කර ගනිමින් ශාන්ත ජෝෂප් ක්රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
ජයග්රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඩ් විදුහල ලකුණු 100 කට සීමා කිරීමට ෂෙනුක ද සිල්වා (27/3) ප්රමුඛ ශාන්ත ජෝෂප් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ෂෙවෝන් ඩැනියෙල්, දුනිත් වෙල්ලාලගේ සහ දේෂාන් සෙනෙවිරත්න කඩුලු 2 බැගින් බිඳහෙළමින් රිච්මන්ඩ් පිතිකරුවන් අසරණ කිරීම සඳහා ෂෙනුකට අනගි සහායක් දුන්හ.
කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 228 ක් ලබාගත් අතර එහිදී දුනිත් වෙල්ලාලගේ (61) සහ ෂෙරාන් ෆොන්සේකා (54) අර්ධ ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයන්හි නිරත වූහ. සදීෂ් ජයවර්ධන (29) සමග එක්ව ආරම්භ කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෂෙරාන් ෆොන්සේකා, ඉන් නොනැවතී දුනිත් වෙල්ලාලගේ සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශාන්ත ජෝෂප් විදුහලට ජය මාවත විවර කර දුන්නේය.
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 කට දැවී 228
(ෂෙරාන් ෆොන්සේකා 54, සදීෂ් ජයවර්ධන 29, දුනිත් වෙල්ලාලගේ 61, හරුන් මතීෂ නොදැවී 21, කවිඳු නිර්මාන 39/4, අම්ෂි ද සිල්වා 46/2)
රිච්මන්ඩ් විදුහල - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී 100
(හංසමාන ද සිල්වා 33, අම්ෂි ද සිල්වා 25, ෂෙනුක ද සිල්වා 27/3, ෂෙවෝන් ඩැනියෙල් 00/2, දුනිත් වෙල්ලාලගේ 22/2, දේෂාන් සෙනෙවිරත්න 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.