Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත තෝමස් විදුහලේ හරිඳු ජයසේකර (73) සහ හිරන්ත ලක්ෂාන් (58) අර්ධ ශතක ලබාගත් අතර සචිර රෂ්මික, හිරන්ත ලක්ෂාන් සහ සිනෙත් සිතාර කඩුලු 6 බැගින දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලු දෙනා දැවී 213
(හරිඳු ජයසේකර 73, හිරන්ත ලක්ෂාන් 58, සවිරු බණ්ඩාර 40/5, ජනිඳු ජයවර්ධන 29/2)
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 97
(අනුද ජයවීර 25, සොනාර කරුණාතුංග 24, ජනිඳු ජයවර්ධන 22, සචිර රෂ්මික 27/4, සිනෙත් සිතාර 12/2, හිරන්ත ලක්ෂාන් 15/2)
ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 164
(කනිෂ්ක රන්තිලකගේ 41, සොනාර කරුණාතුංග 33, ජනිඳු ජයවර්ධන 21, හිරන්ත ලක්ෂාන් 39/4, සිනෙත් සිතාර 51/4, සචිර රෂ්මික 43/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුලු 4 ක් දැවී 44
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.