Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 40 වැනි කෑගලු රන් සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (26 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් හිමිකරගත් ශාන්ත මරියා විදුහල තරගයේ වැඩි ගෞරව දිනාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹායමින් සිටි කෑගලු විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටියහ. කෑගලු විද්‍යාලයීය පළමු ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගත් හර්ෂ අමරසිංහ, දෙවැනි ඉනිමේදීද ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පළමු දිනය නිමාවට පත්වන විට කඩුල්ලක් දැවී ලකුණු 14 ක් ලබා සිටි කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 100 කට සීමා කිරීමට හර්ෂ අමරසිංහ ප්‍රමුඛ ශාන්ත මරියා විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී හර්ෂට අනගි සහායක් දුන් චාමිකර ලියනගේ ලකුණු 15 කට කඩුලු 3 ක්ද, මලීෂ සේනානායක ලකුණු 12 කඩුලු 2 ක්ද බිඳහෙළූහ.
ලකුණු 93 ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත මරියා විදුහල කඩුලු 7 ක් දැවී ලකුණු 75 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවමින් කෑගලු විද්‍යාලයට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිමේදී බිඳවැටුණ කඩුලු 7 න් 4 කටම හිමිකම් කීමට දේෂාන් විමුක්ති (22/4) සමත් විය.
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 70.2 කදී සියලු දෙනා දැවී 193
(කුෂාන් භානුක 59, චමත් නිවන්තන 28, මලීෂ සේනානායක 27, පසිඳු කරුණාරත්න 20, දේෂාන් විමුක්ති 53/4, පසිඳු කල්හාර 79/4, විරාජ් සඳරුවන් 10/2)
කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම - ඕවර 44.2 සියලු දෙනා දැවී 100
(කවිඳු ජයන්ත 21, හර්ෂ අමරසිංහ 32/5, චාමිකර ලියනගේ 15/3, මලීෂ සේනානායක 12/2)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 75
(මලීෂ සේනානායක 21, වරුණ උදාර 20, දේෂාන් විමුක්ති 22/4, පසිඳු කල්හාර 42/2)
කෑගලු විද්‍යාලයීය දෙවැනි ඉනිම - ඕවර 26 කඩුලු 6 ක් දැවී 70
(හර්ෂ අමරසිංහ 15/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.