Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශා. පීතර - රාජකීය සම ශූරයෝ
17 න් පහළ ක්‍රිකට්

ශා. පීතර - රාජකීය සම ශූරයෝ

editorial - 2024 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය සම ශූරතා හිමිකර ගත්හ. 

තරගාවලියේ අවසන් මහ තරගය පසුගිය සෙනසුරාදා (17) කොළඹ 5, ඒස් කැපිටල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබූ නමුත් සිකුරාදා ඇතිවූ වර්ෂාව හේතුවෙන් අවසන් තරගයේ එකම පන්දුවක් හෝ යැවීමෙන් තොරව තරගය අත්හැර දමන ලදි. 

තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වූ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය තරගාවලියේ සම ශූරයින් ලෙස නම්කෙරිණ. 

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලීය සංචිතය: 
ජොශුවා සෙබස්තියන් (නායක), හිරුක සිල්වා, සඳරු මීදුම්, ජේසන් ප්‍රනාන්දු, රෆායෙල් හෙට්ටිගේ, ඕෂධ අකලංක, රෙහාන් සොයිසා, රවීන් ගුණවර්ධන, දින්සර රත්නවීර, ජනිත් පණ්ඩිතරත්න, කේෂාන් හෙට්ටිආරච්චි, ඔකිඳ තෙව්නද, රියොන් ප්‍රනාන්දු, විනේෂ් රණසිංහ සහ රුමිත ජයසිංහ
නිර්මලත් ප්‍රියදර්ශන (කණ්ඩායම් භාර ආචාර්ය), මොහාන් ලියනගේ  (ප්‍රධාන පුහුණුකරු) සහ තුෂාර මධුශංක (සහාය පුහුණුකරු) 

 

කොළඹ රාජකීය විද්‍යාලයීය සංචිතය: 
රෙහාන් පීරිස් (නායක), යසිඳු දිසානායක, තෙවිඳු වේවැල්වල, රයන් සුගතදාස, තරුල් අම්පෙමොහොට්ටි, ෂේන් අබේරත්න, හිරුන් ලියනාරච්චි, ඔෂාන් සුලක්ෂණ, සෙහඳු සූරියආරච්චි, තරුල් මින්තුල, උෂිත ඉලෙප්පෙරුම, දිනෙත් වේරගොඩ, සහස් විජේවර්ධන, සංකේත් සමරසිංහ, තිනුක් චන්දුල්,  නදිඳු නන්දිත , තරිඳු ජයසේකර සහ නවීඩ් අස්මි 
සරත් දීගල (කණ්ඩායම භාර ආචාර්ය), රශාන් පීරිස් (ප්‍රධාන පුහුණුකරු) සහ චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු)


අදහස් (0)

ශා. පීතර - රාජකීය සම ශූරයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.