Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉසිපතන විදුහලේ සවිඳු උත්සර ලකුණු 53 කට කඩුලු 10 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. එහිදී ඔහුට අනගි සහායක් දුන් සිතුක ගුණවර්ධන ලකුණු 50 කට කඩුලු 8 ක් බිඳහෙළීය.
ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 55.4 කදී සියලු දෙනා දැවී 141
(පසන් සුවහස් 30, සනෝජ් පෙරේරා 28, සවිඳු උත්සර 40/6, සිතුක ගුණවර්ධන 31/3)
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලු දෙනා දැවී 135
(තෙවිඳු දික්වැල්ල 34, සවිඳු උත්සර 22, කවිඳු අමන්ත 20, මලින්ද පෙරේරා 29/4, හසිඳු කවිරත්න 17/2, අෂේන් මධුෂංක 20/2, ඔනිල පතිරණ 39/2)
ශාන්ත බෙනඩික් විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 42
(සිතුක ගුණවර්ධන 19/5, සවිඳු උත්සර 13/4)
ඉසිපතන විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 3.2 කදී කිසිවකු නොදැවී 49
(තෙවිඳු දික්වැල්ල නොදැවී 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.