Last Update  :  2024-11-22 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සහෝදරත්වයේ සටන අනිද්දා ගාල්ලේදී

සහෝදරත්වයේ සටන අනිද්දා ගාල්ලේදී

editorial - 2024 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ගාල්ල දිස්ත්‍රික්කයේ පැරණිම පාසල් දෙකක් වන මානවිල උපනන්ද ජාතික පාසල සහ බොනවිස්ටා පාසල අතර පළමු වරට පැවැත්වෙන ‘සහෝදරත්වයේ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය මෙම මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

ඔක්තෝබර් මස 25 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරගය එම දිනවල පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම මස 8 වැනිදාට කල් දැමිණ. බොනවිස්ටා පාසල වසර 155 ක ඉතිහාසයකට හිමිකම් කියන අතර උපනන්ද ජාතික පාසල වසර 115 කට හිමිකම් කියයි. 

මෙම තරගයේදී මලිඳු තිමේෂ් විසින් උපනන්ද ජාතික පාසල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර බොනවිස්ටා පාසල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නායකයා සදිල රත්නායකට හිමිව ඇත. සචිත් ලක්මාල් මහතා උපනන්ද ජාතික පාසලේද, කේ.කේ. මාලිංග මහතා බොනවිස්ටා පාසලේද පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති. 

මෙම තරගය සඳහා උපනන්ද ජාතික පාසලෙන් වයි.ජී. ප්‍රියන්ත මහතාද, බොනවිස්ටා පාසලෙන්  ගයාන් දේවප්‍රිය මහතාද ලකුණු සටහන් කරුවන් ලෙස සහභාගි වෙති. 

උපනන්ද ජාතික පාසල 

ඉදිරි පෙළ (වමේ සිට) - සචිත් ලක්මාල් මහතා (පුහුණුකරු), නිලන්ත චම්පික මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඩී.කේ. ආරියරත්න මහතා (විදුහල්පති), රවිෂාන් සමංග මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) සහ මලිඳු තිමේෂ් (නායක) 

මැද පෙළ (වමේ සිට) - නනිඳු නෙත්සර, සනුක රන්සිලු, චමිත් දිනුජය, සිතුම් ඉඳුසර, වෙනුර සංකල්ප, දිෂාන් ඉඳුමිණ, තීක්ෂණ සඳරුවන්, සත්සර ද සිල්වා, යොමාල් නිම්නෙත් සහ යොමික දුල්මෙත් 

පසු පෙළ (වමේ සිට) - නිලංග කවිෂ්ක, අකිල සඳරුවන්, මිනුල මින්තරු, නිම්සර ජයලත්, පබසර නවිඳු, රවිෂ්ක හේෂාන් සහ යෙෂාන් මෙත්සර 

බොනවිස්ටා පාසල 

ඉදිරි පෙළ (වමේ සිට) - දිනිත් මාලිංග මහතා (ප්‍රධාන පුහුණුකරු), සදිල රත්නායක (නායක), ආර්.ජී. ප්‍රේමරත්න මහතා (විදුහල්පති), ප්‍රසංග ගුරුගේ මහතා (සහකාර විදුහල්පති), පසිඳු ශාන් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) සහ සඳුන් චින්තක මහතා (සහකාර පුහුණුකරු) 

මැද පෙළ (වමේ සිට) - 
කුෂාන් ඉඳුමිණ, ඔෂාර ආදිත්‍ය, යදීෂ යේෂාන්, නිරාෂ් සඳරු, සෙතුක වඩුගේ, තෙනුක් වින්සිත්, දිදුල සත්සර, ක්ලෙමෙන්ට් ඊතන් සහ අදීෂ දීමන්ත 

පසු පෙළ (වමේ සිට) - 
දිහාන් ගයුක, ඉඳුවර නෙත්සර, උදීෂ චතුමින්, හසර ලක්ෂිත, අචිර කෝවින්ද, ඉමාන් දෙව්න (උප නායක), තුෂේන් නිලුක්ෂ, විහඟ දුෂ්‍යන්ත, කෙනුර අබේනායක සහ යෙතුම් නිම්සුක  

 


අදහස් (0)

සහෝදරත්වයේ සටන අනිද්දා ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.