Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සිල්වෙස්තරයෝ කඩුලු 7 කින් ජය ලබති

සිල්වෙස්තරයෝ කඩුලු 7 කින් ජය ලබති

editorial - 2022 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 62 වැනි සුරතලුන්ගේ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල අද (26 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 40 ක ඉලක්කයක් හඹාගිය සිල්වෙස්ටර් ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් මලීෂ සිල්වා, දෙවැනි ඉනිමේදීද ලකුණු 28 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමු දිනය අවසාන‍යේ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටි ශාන්ත සිල්වෙස්ටර් විදුහල, දෙවැනි දිනයේදී ඉනිම අත්හිටුවමින් විද්‍යාර්ථ විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. 

සිල්වෙස්ටර් විදුහලට වඩා ලකුණු 84 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ විද්‍යාර්ථ විදුහලට ඉසුරු  ගුණසේකරගේ (40/6) සහ කවිෂ්ක ඉමේෂ්ගේ (12/3) දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූ‍යේ ලකුණු 123 ක් පමණි.

 

 

විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 83
(ශෂික බස්නායක 21/5, අකිල වික්‍රමසිංහ 21/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 4 ක් දැවී 167
(මලීෂ සිල්වා 56, ඉඳුවර කනක 25, චාරුක අයේෂාන් නොදැවී 42, කවිෂ්ක දිල්ෂාන් නොදැවී 23, ආදිත්‍ය බණ්ඩාර 50/3)

විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 123
(රනාල් සඳරුවන් 45, සහන් දිල්හාර 30, ඉසුරු  ගුණසේකර 40/6, කවිෂ්ක ඉමේෂ් 12/3)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 9.3 කදී කඩුලු 3 ක් දැවී 40
(මලීෂ සිල්වා 28, ආදිත්‍ය බණ්ඩාර 21/2) 


අදහස් (0)

සිල්වෙස්තරයෝ කඩුලු 7 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.