Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 92 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 10 සහ 11 යන දිනයන්හිදී කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලාන වෙනුවෙන් “සුලෝහිත සංග්‍රාමය” මහ ක්‍රිකට් තරගය වාර්ෂිකව පැවැත්වේ.
මෙවර සුලෝහිත සංග්‍රාමයේදී කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම වමත් පිතිකරු නෙත්ම කරුණාරත්න විසින් මෙහෙයවයි. නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක දිනෙත් ෂෙහාන් සමරවීර කටයුතු කරයි.
මෙවර වයස 19 න් පහළ දෙදින තරගාවලියේදී ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ආනන්ද විද්‍යාලයේ නායක නෙත්ම කරුණාරත්න සමත්විය.
ආනන්ද විද්‍යාලය සුලෝහිත සංග්රාම වාර්ෂික මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ ජයග්‍රහණ 12 ක් ලබාගනිමින් පෙරමුණේ පසුවේ. නාලන්දා විද්‍යාලයට ජයග්‍රහණ කිරීමට හැකිවී ඇත්තේ තරග 6 ක් පමණී. 2003 වසරේදී සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කළ ආනන්ද විදුහල් කණ්ඩායම ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලාන මේ දක්වා තමන් සන්තකයේ රඳවා තබාගැනීමට සමත් වී තිබේ.
රටේ වත්මන් තත්වය හමුවේ ආනන්ද - නාලන්දා ඒකාබද්ධ තරඟ සංවිධාන කමිටුව විසින් පාසල් ද්විත්වයේ ප්‍රධානීන්ගේ මඟපෙන්වීම යටතේ 92 වැනි “සුලෝහිත සංග්‍රාමය” මහ ක්‍රිකට් තරගය මෙවර ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර ඇත.
කෙසේ වුවත් මෙවර ආනන්ද - නාලන්දා “සුලෝහිත සංග්‍රාමය” මහ ක්‍රිකට් තරගය ඩයලොග් ටී.වී. නාලිකා අංක 140 ඔස්සේ සජීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග, සිදත් වෙත්තමුණි, මාවන් අතපත්තු, චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, සචිත්ර සේනානායක, දිනේෂ් චන්දිමාල් ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ආනන්ද විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක දිවංගත බන්දුල වර්ණපුර, අසංක ගුරුසිංහ, රොෂාන් මහනාම, කුමාර් ධර්මසේන, මහේල ජයවර්ධන ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් නාලාන්දා විද්‍යාලයෙන් බිහිවී ඇත. එවැනි තවත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙරටට බිහි කළ අද්විතීය ක්‍රිකට් ඉතිහාසයක් මෙම පාසල් ද්විත්වය සතුවේ.
ආනන්ද විද්‍යාලීය කණ්ඩායම
නෙත්ම කරුණාරත්න (නායක), මිනෙත් ප්‍රේමරත්න, ලක්ෂිත කුලරත්න, නුෂල් ධර්මරත්න, හංසජ ජයසිංහ, ඉරුත් ගිම්ෂාන්, ශක්ති උදාර, ටෙහාන් පෙරේරා, නෙත්ම සමරවීර, පුලිඳු කිරිඇල්ල, විලාෂ් කරුණාරත්න, අයේෂ් ශෂිමාල්, ඉසුරු අයේෂ්, යෙහාන් ගුණසිංහ, සචින් ජයසිංහ, විදුන විජේබණ්ඩාර, මලීෂ පෙරේරා, තිසුක සෙහස්.
නාලන්දා විද්‍යාලීය කණ්ඩායම
දිනෙත් ෂෙහාන් සමරවීර (නායක), එරංග ජයකොඩි, විනුජ රන්පුල්, කුෂ්මිත සිල්වා, රවීන් ද සිල්වා, චනුල් අතුකෝරාල, සජිත විතානගේ, රුසිරු විලෝචන, යසිරු සමරකෝන්, නිකිල් අබේගුණසේකර, රිසත් ජයරත්න, ලිසුර සිගේරා, ජනුල ඉඳුසර, මනුප මන්මිත, චමෝද් මන්තිලක, විනුක විජේසිංහ, මිනෝද් කල්දේරා, ලිතිජ කල්හාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.