Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මාතර ශාන්ත තෝමස් විදුහල සහ ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති පැවැත්වෙන 122 වැනි රුහුණු නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද (27 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් වුවත්, දෙවැනි ඉනිමේදී හරිඳු ජයසේකර ලබාගත් ශතකය හේතුවෙන් තරගයේ වැඩි ගෞරව ශාන්ත තෝමස් විදුහලට හිමිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹායමින් සිටි ශාන්ත සර්වේෂස් විදුහල තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 49 ක් ලබා සිටියේය. දෙවැනි ඉනිමේදී බිඳවැටුණ කඩුලු 5 න් 3 කටම හිමිකම් කීමට පෙසඳු සංජන සමත් විය. සර්වේෂස් පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් දිනිරු අබේවික්‍රමසිංහ, දෙවැනි ඉනිමේද වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 26 ක් රැස්කිරමිනි.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (26 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 52 ක් ලබා සිටි ශාන්ත තෝමසුවෝ, අවසන් දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 136 ක් එක්කර ගත්හ. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් හරිඳු ජයසේකර දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 129 ක් රැස්කළේය.
එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් දුමිඳු ශාක්ෂර (16) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හරිඳු, ඉන් නොනැවතී පෙසඳු සංජන (11) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බනධතාවක්ද ගොඩනගමින් ශාන්ත තෝමස් දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 68.1 කදී සියලු දෙනා දැවී 132
(හරිඳු ජයසේකර 53, විරාන් චමුදිත 45/4, තරුෂ ධමිඳු 23/3, හසිත අමරසිංහ 33/2)
ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 198
(දිනිරු අබේවික්‍රමසිංහ 59, කුෂාන් විජේරත්න නොදැවී 65, හසිත අමරසිංහ 25, සචිර රෂ්මික 50/7, සිනෙත් දිසානායක 64/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 96 කදී සියලු දෙනා දැවී 188
(හරිඳු ජයසේකර 129, දුමිඳු ශාක්ෂර 16, හසිත අමරසිංහ 57/3, විරාන් චමුදිත 25/2, තරුෂ ධමිඳු 31/2)
ශාන්ත සර්වේෂස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 5 දැවී 49
(දිනිරු අබේවික්‍රමසිංහ 26, පෙසඳු සංජන 19/03)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.