Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School හේනේගම මැදි විදුහල කඩුලු 8 කින් ජය ලබයි

හේනේගම මැදි විදුහල කඩුලු 8 කින් ජය ලබයි

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ හේනේගම මැදි විදුහල සහ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘බී‘ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට හේනේගම මැදි විදුහල සමත් විය.

එහිදී හේනේගම මැදි විදුහලේ රවිෂ්ක චමත් (නොදැවී 67) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම විදුන් නෙත්සිළු ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 28.5 කදී සියලු දෙනා දැවී 142
(සමිඳු මධුරංග 35, නිමෙත් දක්ෂිණ නොදැවී 27, ශරිත් සුධීන 21, විදුන් නෙත්සිළු 49/4, විභූති ප්‍රියාන් 09/3, කවිඳු ජයසිංහ 18/3)

හේනේගම මැදි විදුහල - ඕවර 37.3 කදී කඩුලු 2 ක් දැවී 143
(රවිෂ්ක චමත් නොදැවී 67, විභූති ප්‍රියාන් 45, තමිඳු ප්‍රමෝද් 21)

-036

 


අදහස් (0)

හේනේගම මැදි විදුහල කඩුලු 8 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.