Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ කුසලාන වෙනුවෙන් 95 වැනි වරටත් පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මෙම මස 28 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා පුරා දින තුනක් කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම වසරේදී ආනන්ද විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආශිංෂ නයිනායකට හිමිවී ඇති අතර සදෙව් සමරසිංහ විසින් නාලන්දා විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. කිත්ම විතානපතිරණ ආනන්ද විදුහල් කණ්ඩායමේත්, මනූප මන්මිත නාලන්දා විදුහල් කණ්ඩායමේත් උප නායකයන් ලෙස කටයුතු කරති.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 94 න් තරග 12 ක ජය තමන් සතුකර ගැනීමට ආනන්ද විදුහල සමත්ව ඇති අතර නාලන්ද විදුහල ජයග්‍රහණය 7 කට හිමිකම් කියයි. තරග 75 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ.
2022 වසරේදී පැවැති සුලෝහිත සංග්‍රාමය ජය ගැනීමට නාලන්දා විදුහල සමත් වූ අතර ඔවුන් එම ජයග්‍රහණයට හිමිකම් කීවේ වසර 69 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමක් විය. ආනන්ද විදුහල අවසන් වරට සුලෝහිත සංග්‍රාමය ජයගෙන ඇත්තේ 2003 වසරේදීය.
මහ ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් 48 වැනි වරට පැවැත්වෙන එක්දින තරගය මාර්තු මස 16 වැනිදා එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. මෙතෙක් පැවැති තරග 47 න් තරග 26 ක් ජයගැනීමට නාලන්දා විදුහල සමත්ව ඇති අතර ආනන්ද විදුහල ජයගෙන ඇති තරග සංඛ්‍යාව 16 කි. තරග 5 ක් විසඳුමකින් තොරව නිමාවට පත්වී ඇත.
දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් ද්විත්වයක් වන මෙම පාසල් දෙක මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සංඛ්‍යාවද (ක්‍රීඩකයින් 55 කට වැඩි) බිහිකර තිබේ. එම ක්‍රීඩකයින් අතුරින් 6 දෙනකු එනම් දිවංගත බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙවීමේ ගෞරවයටද හිමිකම් කියති.
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක දිවංගත බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩකයකි.
ඔවුන්ට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි, චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, අවිෂ්ක ගුණවර්ධන, සචිත්‍ර සේනානානයක ආනන්ද විදුහලෙන්ද, අසංක ගුරුසිංහ සහ කුමාර් ධර්මසේන නාලන්දා විදුහලෙන්ද බිහිවූ ක්‍රීඩකයෝ වෙති.
ආනන්ද විදුහල
අශිංෂ නයිනායක (නායක), කිත්ම විතානපතිරණ (උප නායක), දිනාල් අමරසිංහ, රෂාන් විජේරත්න, දනිඳු සෙල්ලපෙුරුම, දනිරු රණසිංහ, නෙතුල එදිරිමාන්න, සෙනුල් දනතිස්ස, දසිත් බටුගහගේ, කවීෂ මෙන්ඩිස්, දිනද අතලගේ, කෙනුල් ද සොයිසා, චමත්ක ඉරූෂ, ලිත්ම පෙරේරා, ශාරද ජයරත්න, මිහින් මුණසිංහ, බිනර ඉඳුවර සහ යසඳු කිරිඇල්ල
නාලන්දා විදුහල
සදෙව් සමරසිංහ (නායක), මනූප මන්මිත (උප නායක), ඔසද පමුදිත, නෙමිඳු අක්මීමමන, සෙත්මිණ සේරසිංහ, ගෙවිඳු මනම්පේරි, නදුල් ජයලත්, සන්තුල් විජේරත්න, මල්ෂ ප්‍රනාන්දු, සහන් ලිත්ම, මානස ද සිල්වා, තිසර දෙව්දුණු, හසිත් රත්නායක, තිමත් හේරත්, රිසත් ජයරත්න, රනුග වාත්තුහේවා, මිනෙව් පරණවිතාන සහ පුන්සර රාජකරුණා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.