Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School III වැනි කොටසේ ‘ඒ’ ශූරතාව විද්‍යාලෝකයට

III වැනි කොටසේ ‘ඒ’ ශූරතාව විද්‍යාලෝකයට

editorial - 2021 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල සමත් විය. කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 17 කින් යාපනය මැදි විදුහල පරාජය කළ විද්‍යාලෝක ක්‍රීඩකයෝ, තරගාවලිය පුරා අපරාජිතව සිටිමින් ශූරතාවට හිමිකම් කීහ.

අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහලට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 193 ක් පමණි. සසිඳු මුත්තෙට්ටුවත්ත, උමංග ඉමංජන සහ සෙනිත් ප්‍රවීන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් යාපනය මැදි විදුහල් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ එම්. සන්සාජන් සහ එන්. අජේ පිළිවෙලින් ලකුණු 55 ක් සහ 45 ක් රැස්කළද, ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. පන්දු 88 කදී වාර්තා වූ සන්සාජනගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 73 කදී වාර්තා වූ අජේගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාලෝක විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 210 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ කාවින්ද බස්නායක පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 53 ක් රැස්කළේය.

සොනාල් රන්සර (නොදැවී 22) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කාවින්ද සමත් විය. ලක්ෂාන් සංදීප (34) සහ චමත් නිර්මාල් (29) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 60 ක් එක් කරමින් විද්‍යාලෝක කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

විද්‍යාලෝක විදුහල - ඕවර 50 කදී කඩුලු 6 කට 210

(කාවින්ද බස්නායක 53, ලක්ෂාන් සංදීප 34, චමත් නිර්මාල් 29, යසිත් දේෂාන් 22, සොනාල් රන්සර නොදැවී 22, එන්. අජේ 38/2)

යාපනය මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 8 කට 197

(එම්. සන්සාජන 55, එන්. අජේ 45, බී. ඉන්තූජන් 16, ටී. ගෞතම් නොදැවී 15, සසිඳු මුත්තෙට්ටුවත්ත 38/2, උමංග ඉමංජන 39/2, සෙනිත් ප්‍රවීන් 50/2)


අදහස් (0)

III වැනි කොටසේ ‘ඒ’ ශූරතාව විද්‍යාලෝකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.