Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනම විසින් 23 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව හිමි කර ගැනීමට සත්කාරක කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය සමත්වූහ.
කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මලියදේව ආදි ශිෂ්‍ය සංගමයේ සත්කාරකත්වය ඇතිව කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ පුරෝගාමීත්වය ඇතිව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පාසල් කණ්ඩායම් 8 ක් සහභාගි වූහ.
තරගාවලියේ පළමු වටය කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්විණ. ආනන්ද, නාලන්දා, ධර්මරාජ සහ මාතර රාහුල විදුහල් ‘ඒ‘ කාණ්ඩය යටතේ ද, මහින්ද, ධර්මාශෝක, මලියදේව සහ ධර්මපාල යන විදුහල් ‘බී‘ කාණ්ඩය යටතේ තරග වැදුණහ.
‘ඒ‘ කාණ්ඩයෙන් ආනන්ද සහ නාලන්දා යන කණ්ඩායම් ද ‘බී‘ කාණ්ඩයෙන් ධර්මපාල සහ මලියදේව යන කණ්ඩායම් ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
අවසන් පූර්ව වටයේදී ධර්මපාල විද්‍යාලය පරදවමින් ආනන්ද විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය. කොළඹ නාලන්දා සහ මලියදේව යන කණ්ඩායම් අතර පැවැති අවසන් පූර්ව තරගය අධික වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර කාසියේ වාසිය අනුව කුරුණෑගල මලියදේව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
දිගින් දිගටම පැවැති වර්ෂාව නිසා අවසන් තරගය ද පැවැත්වීමට හැකියාවක් නොලැබිණ. එබැවින් සත්කාරක කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.සී. මහමිතව, ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනමේ ලේකම් උදය යටවර, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ගාමිණි ජයසිංහ ඇතුළු මහත්ම-මහත්මීහු මෙම ජය සංකේත ප්‍රදානයට එක්ව සිටියහ.
විශේෂ සම්මාන
තරගාවලියේ වීරයා - මනුප මන්මිත (නාලන්ද)
තරගාවලියේ දක්ෂතම පිතිකරු - නිසලිත සන්දිව් (ධර්මපාල)
තරගාවලියේ හොඳම පන්දු යවන්නා - අශිංෂ නයිනායක (ආනන්ද)
තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා - රාජිත නවෝද්‍ය (මලියදේව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.