Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School උදාරගේ පන්දු යැවීමෙන් රාජසිංහ විදුහලට ජය

උදාරගේ පන්දු යැවීමෙන් රාජසිංහ විදුහලට ජය

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල සහ හංවැල්ල රාජසිංහ මැදි විදුහල අතර හංවැල්ල රාජසිංහ මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 69 ක ජයක් අත්කර ගැනීමට රාජසිංහ මැදි විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ ශක්ති උදාර ලකුණු 88 කට කඩුලු 12 ක් දවාගනිමින් රාජසිංහ මැදි විදුහල් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.


චන්ද්‍රජෝති විදුහල් පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 129
(තුසිත දෙනුවන් 21, ශක්ති උදාර 51/6, ප්‍රවීන් මනීෂ 14/2)

රාජසිංහ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 84.5 කදී සියලු දෙනා දැවී 266
(අමිල චතුරංග 59, සනුක් මන්දීව් 40, ශක්ති උදාර 39, චමෝද් සංජය 25, සසික නෙත්සදු 23, හෂාන් පියුමන්ත 62/3, සචින්ත තාරක 46/2)

චන්ද්‍රජෝති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 68
(ශක්ති උදාර 37/6, චමෝද් සංජය 10/2)

-036

 


අදහස් (0)

උදාරගේ පන්දු යැවීමෙන් රාජසිංහ විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.