Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කන්නංගර විදුහල ඉනිමක ජයක් ලබයි

කන්නංගර විදුහල ඉනිමක ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහල සහ කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විදුහල අතර බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 76 ක ජයක් අත්කර ගැනීමට කන්නංගර විදුහල සමත් විය.

එහිදී කන්නංගර විදුහලේ පවන් මලීෂ (117) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සංතුෂ් දුල්වින් සහ උදීප සොයිසා කඩුලු 5 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


ආනන්ද මෛත්‍රී විදුහල් පළමු ඉනිම - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 62
(සංතුෂ් දුල්වින් 12/5, නවෝද්‍ය කුලරත්න 25/3)

කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 5 ක් දැවී 207  
(පවන් මලීෂ 117, අබේසිරි වනිගරත්න 28, උමේෂ් ඉසුරංග 50/3)

ආනන්ද මෛත්‍රී විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27 කදී සියලු දෙනා දැවී 69
(රශ්වින්ද වනසුන්දර 20, උදීප සොයිසා 35/5, තරූෂ නවෝද්‍ය 25/4)


-036

 


අදහස් (0)

කන්නංගර විදුහල ඉනිමක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.