Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කරණ්දෙනිය මැදි විදුහල ඉනිමකින් ජයගනී

කරණ්දෙනිය මැදි විදුහල ඉනිමකින් ජයගනී

editorial - 2019 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරණ්දෙනිය මැදි විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කරණ්දෙනිය ජාතික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 40 ක ජයක් අත්කර ගැනීමට කරණ්දෙනිය මැදි විදුහල සමත් විය.

එහිදී කරණ්දෙනිය මැදි විදුහලේ ශවිඳු උමේෂ් (65) සහ හංසමාන ද සිල්වා (50) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම සමිත් ඉසුරු ලකුණු 113 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


කරණ්දෙනිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 67.4 කදී කඩුලු 8 ක් දැවී 276
(ශවිඳු උමේෂ් 65, හංසමාන ද සිල්වා 50, සමිත් ඉසුරු 49, ජනිත් කෞෂාල් 34, දිලිප් ජයකොඩි 24, නිර්මාල් යශෝද් 22, රවිඳු මල්ෂාන් 54/3, හසිඳු ප්‍රමෝද් 46/2, චමෝද් සුලක්ෂණ 62/2)

ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 94
(රුසිරු රණ්දුනු 25, සමිත් ඉසුරු 42/2, අහන් මධුරංග 08/3)

ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56.4 කදී සියලු දෙනා දැවී 142  
(රුසිරු රණ්දුනු 40, හසිඳු ප්‍රමෝද් 27, සුභූති නිල්ෂාන් 27, සමිත් ඉසුරු 71/7, මනීෂ මදුභාෂිත 21/2)

- 036


අදහස් (0)

කරණ්දෙනිය මැදි විදුහල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.