Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ෂාන් නෝනිස් සමත්විය. ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාල ක්‍රිඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක යෙදුණු ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 16 හැවිරිදි ආරම්භක පිතිකරු ෂාන් නෝනිස් ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 159 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 27ක් සමඟින් නොදැවී ලකුණු 300ක් රැස් කළේය.
ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය - පළමු ඉනිම 332 යි
(අවිෂ්ක නිර්මාල් 83, ළහිරු ලක්මාල් 73, සයුරු ආකාශ් 40, මෙලුක්ෂ හිරුෂාන් 30, දිනේන්ද්‍ර රෂේන් 29, රයන් සචින්ත 22, රවිදු අශාන් 120/6, සුමුදු සත්සර 50/2)
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 132 යි
(පසන් වෙනුසර 36, දිනේන්ද්‍ර ලක්මාල්, 04/3, ළහිරු ලක්මාල් 35/3, අමීෂ සත්සර 32/2)
ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 505 යි
(ෂාන් නෝනිස් නොදැවී 300, අවිෂ්ක නිර්මාල් 84, ළහිරු ලක්මාල් 71, රයන් සචින්ත 28)
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 64 යි
(රවිඳු අශාන් 24, අමීෂ සත්සර 20/2, ළහිරු ලක්මාල් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.