Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කැළණිය ධර්මාලෝකයට ක්‍රිකට් පුහුණු තීරු 6 ක්

කැළණිය ධර්මාලෝකයට ක්‍රිකට් පුහුණු තීරු 6 ක්

editorial - 2025 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ ආධාර ඇතිව කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ක්‍රිකට් පුහුණු තීරු 6 ක් ඉදිකරන ලදි. මෙම ක්‍රිකට් පුහුණු තීරු, පසුගියදා පැවැති චාම් උත්සවයකින් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි මහතා විසින් විවෘත කරන ලදි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහකාර ලේකම් කමල් ඉන්ද්‍රජිත් මහතා, ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති විපුල් කුලතුංග මහතා සහ විද්‍යාලයේ ගුරුවරුන්, සිසුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ මෙම ක්‍රිකට් පුහුණුතීරු ඉදිකරන ලද අතර, එමඟින් විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

කැළණිය ධර්මාලෝක විද්‍යාලය ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක්ම අන්තර් සමාජ තරගාවලියට දායාද කළ පාසලකි.

 
 
 
- 213 

අදහස් (0)

කැළණිය ධර්මාලෝකයට ක්‍රිකට් පුහුණු තීරු 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.