Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ‘බී‘ තලයේ අන්තර් පාසල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සමත්විය.
ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තෙදින අර්ධ අවසන් පූර්ව තරගය දින දෙකකදී නිමාවට පත්කළ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයෝ කෑගලු විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 40කින් පැරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
අර්ධ අවසන් පූර්ව තරගයේදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ නේවින්ද තත්සර පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 13කට කඩුලු 3ක් දවාලූ අතර පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 112ක් ද ලබාගත්තේය.
කෑගලු විද්‍යාලය - පළමු ඉනිම 81 යි
(ඩිල්ෂාන් දිසානායක 29, හිරුන් රණසිංහ 17/4, නේවින්ද තත්සර 13/3, ෂෙහංක අබේරත්න 22/2)
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම - 250 යි
(නේවින්ද තත්සර 112, ළහිරු කවිෂ්ක 42, අරෝෂ ලෝචන 25, කෞශල්‍ය බණ්ඩාර 60/4, කවීෂ වලිසිංහ 28/2, සත්සර සේනාරත්න 57/2)
කෑගලු විද්‍යාලය දෙවැනි ඉනිම129 යි
(ගෞරව තේජාන් 69, ළහිරු කවිෂ්ක 36/4, ෂෙහංක අබේරත්න 33/3, මළිඳු රත්නායක 07/2)
(නේවින්ද තත්සර - කෝට්ටේ ජනාධිපති විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.