Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කෝට්ටේ සී.එම්.එස්.ශ්‍රී ජයවර්ධනපුර විදුහල (පැරණි ක්‍රිස්තියානි විදුහල) සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර 46 වැනි කෝට්ටේ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද හෙට සහ අනිද්දා (28 - 29 -39) යන දිනවල කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.
මෙවර මහ තරගයේ විශේෂත්වය පළමු වතාවට තෙදින තරගයක් ලෙස එය සංවිධානය කිරීමයි.ඒ හේතුවෙන් මෙවර තරගයේදී විසදුමක් ලබා ගැනීම සදහා වඩාත් දීර්ඝ කාලයක් දෙපිලට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් සැලසී තිබේ.
මෙවර තෙදින තරගයක් ලෙස කෝට්ටේ සටන සංවිධානය වීමේදී ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුග්‍රහය ලැබී තිබේ.අවසන් වරට 2003 මහ තරගය ශාන්ත තෝමසුවන් ජය ගැනීමෙන් පසුව එහි විසදුමක් මේ දක්වා වාර්තා වී නැත.එහිදී ඔවුන් හය වාරයක්ද, ජයවර්ධනපුර විදුහල නව වතාවක්ද කෝට්ටේ සටන මහ තරගය ජය ගෙන තිබේ.
දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන ගාමිණී හෙට්ටිආරච්චි මහතා හා අරුණෝද් පෙරේරා පියතුමා ප්‍රමුඛ ඒකාබද්ධ කමිටුවක් මගින් මෙම මහ තරගය සංවිධානය කරයි.
කෝට්ටේ සටනේ ආරම්භය 1919 දක්වා ඈතට දිව ගියත් එය විවිධ හේතුන් උඩ විටින් විට අත්හිටුවීමට සිදුව තිබේ.කෙසේවූවත් නූතන කෝට්ටේ සටන යළි 1978 දී ආරම්භවීමෙන් පසුව එය මේ දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කර තිබේ.
ජයවර්ධනපුර විදුහලේ කණ්ඩායම් නායකයා ලෙස පස් වැනි වසරේ වර්ණලාභියකු වන සචින් ෂෙහාන් කටයුතු කරයි.තුන් ඉරියව්වෙන්ම කැපී පෙණෙන ඔහු මේ වාරයේදී ලකුණු 400 ක් හා කඩුලු 24 ක් තරග 12 කදී ලබා තිබේ.උප නායක තෙවැනි වසරේ අර්ජුන් අභිෂේක් ලකුණු 500 ක් ඉක්මවා තිබෙන කඩුලු 20 ක් බිද හෙලූ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නාය.
සිවුවැනි වසරේ ක්‍රීඩා කරන වමත් පිතිකරු තලීෂ සිල්වා කඩුලු 26 ක් තරග 12 කදී බිද හෙළීමෙන් හා ලකුණු 400 කට ළගාවීමෙන් කණ්ඩායමේ වඩාත්ම කැපී පෙණෙන තවත් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකි.මනුත් මල්සුක තවත් එවැනිම තුන් ඉරියව්වටම දක්ෂයෙකි. කඩුලු 25 ක් මේ වාරයේ බිද හෙළා තිබේ.
පසිදු පින්සර, රුසිරු රිශ්මිත, දේශාන් පෙරේරා තෙවැනි වසරේ වර්ණලාභීයෝ වෙති.රසල් වීරක්කොඩි, අංජන නිදූෂ, මලීෂ ලක්ශාන්, දෙන්වර රනීතු, නිසූර නෙත්සර, ප්‍රමෝදර සත්සර (කඩුලු රකින්නා) දිනූජය නිර්වාන්, තුලාන සෙතුම් හා පවන් මධුසිත් මෙවර ජයවර්ධනපුර සංචිතයේ සෙසු දක්ෂතා හෙබි ක්‍රීඩකයෝ වෙති.
කණ්ඩායමේ කඩුලු රකින්නා වෙමින් මෙවර ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය දෙන දිනූජ ඉසුරු ජයසිංහ සිවු වැනි වසරේ වර්ණලාහියෙකි.තරග 10 කදී ලකුණු 414 ක් රැස් කර තිබේ.
උප නායක සදිල් නෙත්මික ඩයස් සිවු වැනි වසරේ ක්‍රීඩා කරයි.තරග අටකදී ලකුණු 300 ක් ඉක්මවමින් පන්දු යැවීමේදී කඩුලු 31ක් බිද හෙළා ඇත.කණ්ඩායමේ ප්‍රධාන පිට දඟ පන්දු යවන්නා වන සේසත් රන්මිත ජයතිලක කඩුලු 22 ක් බිද හෙලූ දක්ෂයෙකි.ගීත් කවීන්ද මුදියන්සේලාගේ කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නායි.දිලාන් ෆ්‍රෑන්ක් පතිරගේ ලකුණු 400 ට ළගාවී සිටින කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවෙකි. නෙත්සර කාව්‍ය කලුආරච්චිගේ, තරිදු රන්ජක දිසානායක , ෂෙහාන් සන්තුෂ් දම්සර, නිදුෂාන් කවීෂ වත්තගේ, දමිදු කසුනාර,කෙවන් යස්මින් ලියනගේ, සෙනූල ගීසත් තත්මීර, ආකාෂ් දිනෙත්, අස්වින් ප්‍රකන් ශාන්ත තෝමස් සංචිතයේ දක්ෂතා පිරිපුන් සෙසු ක්‍රීඩකයෝ වෙති.
ජයවර්ධනපුර විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සමීප ලියනගේ මහතා කටයුතු කරයි.වසන්ත වර්ණපුර මහතා ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ පුහුණුකරුයි.එම විදුහලේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස වින්ද්‍යා රූපසිංහ මහත්මිය කටයුතු කරන්නීය.
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල
කෝට්ටේ සී.එම්.එස්.ශ්‍රී ජයවර්ධනපුර විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.