Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ශාන්ත අන්තෝනි ක්‍රීඩා පිටියේදී නිමාව දුටු ත්‍රිත්ව - ශාන්ත අන්තෝනි 106 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගයෙන් ත්‍රිත්ව විදුහල් පිලට වැඩි ගෞරව ගෙනදෙමින් නිමා විය.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත අන්තෝනි නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ලෙස ත්‍රිත්ව පිලට ආරාධනා කළේය. ඒ අනුව පන්දුවට පහර දුන් ත්‍රිත්ව පිතිකරුවන් කඩුලු 06ක් දැවී ලකුණු 314ක් වාර්තා කොට සිටියදී පන්දුවට පහර දීම සඳහා ශාන්ත අන්තෝනි පිලට ආරාධනා කළේය.
ත්‍රිත්ව පිල වෙනුවෙන් පුලීෂ තිලකරත්න (106) අගනා ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ශාන්ත අන්තෝනි පිල වෙනුවෙන් කෞෂික කුමාරසිංහ (136) ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
ශාන්ත අන්තෝනි පිල පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 250ක් රැස් කළේය. තරගය නතර කරන විට ත්‍රිත්ව පිල දෙවැනි ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 99ක් රැස් කරගෙන සිටියේය.
ප්‍රථම වරට දින තුනක තරගයක් වශයෙන් පැවති මෙම තරගයේ දින දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල විය.
ත්‍රිත්ව විදුහල පළමු ඉනිම කඩුලු 6ට 314 (ඕවර 88.5)
(පුලීෂ තිලකරත්න106, ආදම් හිල්මි 61, වතිල උදාර48, දිනාල් ප්‍රනාන්දු නොදැවී 42, රජිදු තිලකරත්න 23, බිමාශ් සමරසිංහ 87/2) සහ දෙවැනි ඉනිම කඩුලු 5ට 99 (ඕවර19) (ඩිමන්ත මහවිතාන 11, පුලීෂ තිලකරත්න 42, රජිඳු තිලකරත්න 27, දිනූර ගනේගොඩ 22/2, තිළිණ එදිරිසිංහ 16/2)
ශාන්ත අන්තෝනි පළමු ඉනිම කඩුලු 9ට250 (ඕවර 85.3)
(ජනක රත්නායක 18, තිළිණ එදිරිසිංහ12, දිනූල් විජේසිංහ 13, කෞෂික කුමාරසිංහ 136, කෙවන් ප්‍රනාන්දු 22, තිසල් යාපා 8/3, චනිරු සේනාරත්න 47/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.