Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳුදා (30 වැනිදා) දින හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය මෙහිදී තරග වදිති.
ඩී.එස්.සේනානායක විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලද අතර, දෙවැනි වටයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ රාජකීය විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙසින් දෙවැනි වටයට පිවිසියේය. දෙවැනි වටයේදී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී කඳාන ද මැසිනෝද් විද්‍යාලය පැරදවූ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පරදවමින් අවුරුදු 31කට පසුව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඩී. එස්. සේනානායක විද්‍යාල පිල මියුරු බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන අතර, මාරිස්ටෙලා විද්‍යාල පිල යෙනුල් බණ්ඩාර විසින් මෙහෙයවනු ලබයි.
ඩී. එස්. සේනානායක විද්‍යාලයීය සංචිතය:
මියුරු බණ්ඩාර (නායක), හාමිඩ් අෆ්ඩාල් (උප නායක), සඳුමිත් මිහිලංක, ජනුල් ජයතිලක, යසසිරු සිල්වා, නිකේෂ් සිල්වා, විදු ද සිල්වා, නෙතුජ වීරතුංග, ළකිඳු ද සිල්වා, රනිතු කුමාරසිංහ, ශාක්‍ය වීරසේකර, මතීෂ ඩයස්, කෙනුල ඉමෙත්, වේජාන් ගුණවර්ධන, නමිත ඒකනායක සහ චරුන් ගුණරත්න
වජිර අබේවික්‍රම මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), මාලක ජයසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), යොමාල් සංජීව මහතා (ප්‍රධාන පුහුණුකරු), කසුන් සඳරුවන් මහතා (සහාය පුහුණුකරු), අංජන කළුආරච්චි මහතා (සහාය පුහුණුකරු), කවීෂ දේවින්ද මහතා (සහාය පුහුණුකරු)
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය සංචිතය
යෙනුල් බණ්ඩාර (නායක), ඩිහේන් කෲස් (උපනායක), එෂංක සපරමාදු, සනුත් ද සිල්වා, ෂෙනාර ප්‍රනාන්දු, යොවාන් ප්‍රනාන්දු, යුවේන් ප්‍රනාන්දු, නිලන හංසිළු, නේතක රොද්‍රිගෝ, බිනුල් දෙව්මිත, රිහාන් දිසානායක, අභීත ජූඩ්, චේමිත මධුෂාන්, අකිත් රියොන්, සංසල විතානගේ, යුකිත දහුරාන් සහ පමිත අස්දිනු
එම්. සංජීවන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), රොෂේන් සවිඳු මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), සුසිරි ප්‍රනාන්දු මහතා (පුහුණුකරු), තරුෂික චතුරංග මහතා (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.