Last Update  :  2025-01-22 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඩී.එස්.සේනානායක - රත්ගම දේවපතිරාජ අවසන් මහ තරගය ඉරිදා කොළඹදී
13න් පහළ ක්‍රිකට්

ඩී.එස්.සේනානායක - රත්ගම දේවපතිරාජ අවසන් මහ තරගය ඉරිදා කොළඹදී

editorial - 2025 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ I කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර ඉරිදා (12) කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. දෙවැනි වටයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ, තෙවැනි වටයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

අර්ධ අවසන් පූර්ව වටයේදී පසුගිය වසරේ සම ශූරයන් වූ කොළඹ රාජකීය විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ඩී, එස්. ක්‍රීඩකයෝ එහිදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ පළමු වටයේදී තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වෙමිනි. 

දෙවැනි වටයේදී කොළඹ ආනන්ද විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය එහිදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලය පැරදවූ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරදවමින් තම පාසල් ඉතිහාසයේ පළමු වතාවට 13න් පහළ I කොටසේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල පිල මියුරු බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන අතර දියත් සංජිත රත්ගම දේවපතිරාජ විද්‍යාල පිලේ නායකයාය. මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 77 ක් සහභාගී වූහ. ඩී. එස්. සේනානායක විද්‍යාලය පසුගිය වසරේදී මෙම තරගාවලියේ සම ශූරතාව දිනා ගත් පාසලයි. 

 


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය සංචිතය: 
මියුරු බණ්ඩාර (නායක), හාමිඩ් අෆ්ඩාල් (උප නායක), සඳුමිත් මිහිලංක, ජනුල් ජයතිලක, යසසිරු සිල්වා, නිකේෂ් සිල්වා, විදු ද සිල්වා, නෙතුජ වීරතුංග, ළකිඳු ද සිල්වා, රනිතු කුමාරසිංහ, ශාක්‍ය වීරසේකර, මතීෂ ඩයස්, කෙනුල ඉමෙත්, වේජාන් ගුණවර්ධන, නමිත ඒකනායක සහ චරුන් ගුණරත්න 
වජිර අබේවික්‍රම මහතා (ක්‍රිකට් භාර ආචාර්ය),  මාලක ජයසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), යොමාල් සංජීව මහතා (ප්‍රධාන පුහුණුකරු), කසුන් සඳරුවන් මහතා (සහාය පුහුණුකරු), අංජන කළුආරච්චි මහතා (සහාය පුහුණුකරු), කවීෂ දේවින්ද මහතා (සහාය පුහුණුකරු) 

 

රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය සංචිතය: 
දියත් සංජිත (නායක), අධීෂ ගෞතම්, දෙනුවන් යෝෂිත, පිනිඳු නෙත්සර, දෙනෙත් පැහැසර, සිනෙත් මධුසංක, මෙනෙත් සංකලන, ශනිදු සිනෙත්, දෙනෙත් දිනුක, සශේන් සස්මිත, මනීෂ සසපුන් සහ අශේන් තාරක 
ලීලාරත්න විමලකීර්ති මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), කේ. රංජන් ලසන්ත ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු), සුදීර වීරරත්න මහතා (සහාය පුහුණුකරු)

    


අදහස් (0)

ඩී.එස්.සේනානායක - රත්ගම දේවපතිරාජ අවසන් මහ තරගය ඉරිදා කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.