Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තක්ෂිලාව අවසන් පූර්ව වටයට

තක්ෂිලාව අවසන් පූර්ව වටයට

editorial - 2022 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හොරණ තක්ෂිලා මැදි විදුහල සමත් විය.

පන්නිපිටිය ධර්මපාල ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී ජාඇල ක්‍රිස්තු රාජ විදුහලට එරෙහිව ලකුණු 70 ක ජයක් වාර්තා කරමින් තක්ෂිලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී තක්ෂිලා මැදි විදුහලේ නවෝද්‍ය ගිම්හාන නොදැවී ලකුණු 35 ක් රැස්කළ අතර එම විදුහලේම චිරන්ත දෙව්රුවන් ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

 

තක්ෂිලා මැදි විදුහල - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 155
(නවෝද්‍ය ගිම්හාන නොදැවී 35, සහන් දිව්‍යාංජන 31, ශරිත් සුදීන 27/6, ක්‍රිෂාන් රාජ්කුමාර් 32/2)

ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 85
(චමෝද් දිල්ෂාන් 23, චිරන්ත දෙව්රුවන් 22/4, නවෝද්‍ය ගිම්හාන 16/2, දේෂාන් දිල්මිත් 11/2)

-036

 


අදහස් (0)

තක්ෂිලාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.