Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 66 ක ජයක් ලබාගනිමින් අවසන් මහා තරගයට පිවිසීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය මාරිස්ටෙලා විද්‍යාලයට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 29.4 කදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 92 ක් පමණි. ඩක්වත් ලුවිස් න්‍යයට අනුව තරගය නතර කරනවිට මාරිස්ටෙලා විද්‍යාලය ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හිමිව තිබුණි.
කවීන් ප්‍රනාන්දු පන්දු 60 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් ලබාගනිමින් මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූයේය.
විහස් තෙව්මික ඕවර 8 ක් යවමින් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් මාරිස්ටෙලා විද්‍යාලීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 225 ක් ලබාගැනීමට සමත්විය.
ආරම්භක පිතිකරු තරිඳු හර්ෂණ පන්දු 80 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 58 ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව විහස් තෙව්මික ලකුණු 33 ක්, බවන්ත ජයසිංහ ලකුණු 32 ක්, තෙනුක දේවප්‍රිය ලකුණු 26 ක් සහ අසීම් මොහොමඩ් ලකුණු 23 ක් ලබාගනිමින් තර්ස්ටන් විද්‍යාලීය ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
ඊවන් කල්හාර, හංසජ හිරුණ, ශේන් ආදිත්‍ය සහ මිහිඳු මලිත් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තර්ස්ටන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 225
(තරිඳු හර්ෂණ 58, විහස් තෙව්මික 33, බවන්ත ජයසිංහ 32, තෙනුක දේවප්‍රිය 26, අසීම් මොහොමඩ් 23, ඊවන් කල්හාර 34/2, හංසජ හිරුණ 34/2, ශේන් ආදිත්‍ය 42/2, මිහිඳු මලිත් 49/2)
මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 29.4 කදී කඩුලු 6 ක් දැවී 92
(කවීන් ප්‍රනාන්දු 38, විහස් තෙව්මික 27/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.