Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------
ශානුක අරවින්ද
-------------------

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (19 වැනිදා) සමත් විය. කොළඹ රාජකීය විදුහල් ක්‍රිඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.

ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ උමේර් රයිසන් (60) සහ තෙවින් අමරසිංහ (39) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම ලකුණු 133 කට සීමා කිරීමට දිනුක තෙන්කෝන් (22/4) සහ අභිෂේක් ආනන්දකුමාර් (40/3) ප්‍රමුඛ ත්‍රිත්ව පන්දු යවන්නෝ සමත් වූහ.


ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 131
(යෂාන් අවිෂ්ක 51, සවිඳු රොද්‍රිගූ 30, දිනූක තෙන්නකෝන් 22/4, අභිෂේක් ආනන්දකුමාර් 40/3)

ත්‍රිත්ව විදුහල - ඕවර 30.1 කදී කඩුලු 3 ක් දැවී 133
(උමේර් රයිසන් 60, තෙවින් අමරසිංහ 39, පවන් පතිරාජ නොදැවී 21, සන්දේෂ් ප්‍රනාන්දු 39/3)

 


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.