Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් ලෙස කොළඹ ලුම්බිණි විදුහල සහ රාගම බැසිලිකා විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 162 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ලුම්බිණි විදුහල සමත් විය.
එහිදී ලුම්බිණි විදුහලේ දහම් සිතාර (115) ශතකයක් ලබාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ එම විදුහලේම දිනාල් සෙව්මිණ පළමු ඉනිමේදී කඩුලු 3 ක්ද, දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක්ද බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 18 කට කඩුලු 8 ක් දවාගත්තේය.
ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 2 ක් දැවී 223
(දහම් සිතාර 115, දුෂාන් ඉමාෂ නොදැවී 38, ශෙමාෂ් දිරේන් නොදැවී 33, සෙනෙත් සංදීප 82/2)
බැසිලිකා විදුහල් පළමු ඉනිම - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 30
(ශෙනුක දම්සිරු 11/4, දිනාල් සෙව්මිණ 08/3)
බැසිලිකා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 31
(චනුර නිරුදක 17, දිනාල් සෙව්මිණ 10/5, ශෙනුක දම්සිරු 18/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.