Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දීමන්ත පිළියන්දල මැදි විදුහල අවසන් තරගයට ගෙනයයි

දීමන්ත පිළියන්දල මැදි විදුහල අවසන් තරගයට ගෙනයයි

editorial - 2019 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කන්නංගර අනුස්මරණ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට එරෙහිව ලකුණු 50 ක ජයක් හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්වූයේය.

පෙරේදා (27 වැනිදා) පැවැති වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවූ අතර එක් පිලකට ඕවර 20 කට තරගය සීමාවිය.

කාසියේ වාසිය දිනාගත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි.

හේෂර දිකිත් ලකුණු 38 ක්, චමෝද් සඳරු ලකුණු 28 ක් සහ මල්ෂාන් ගුණතිලක ලකුණු 22 ක් ලබාගනිමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.

කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉන්දික මදුෂාන් සහ ළහිරු චේතන පිළියන්දල මධ්‍ය විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ඉනිම ලකුණු 64 කට සීමාකිරීමට උෂාන් දීමන්ත ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ. ලකුණු 32 ක් රැස්කළ චමෝද් රුවන්වැල්ල අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ උෂාන් දීමන්ත ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගනිමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය අවසන් තරගය කරා රැගෙන යාමට සමත්වූහ. උෂාන් දීමන්තට අනගි සහයක් ලබාදුන් සඳුන් සත්සර සහ හේෂාන් මදුශංක කඩුලු 2 බැගින් දවාගැනිමට සමත්වූහ.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය අවසන් මහ තරගයේදී හමුවීමට නියමිතව ඇත.


පිළියන්දල මධ්‍ය විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 114
(හේෂර දිකිත් 38, චමෝද් සඳරු 28, මල්ෂාන් ගුණතිලක 22, ඉන්දික මදුෂාන් 08/2, ළහිරු චේතන 19/2)

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය - ඕවර 15.3 කදී සියලුදෙනා දැවී ලකුණු 64
(චමෝද් රුවන්වැල්ල 32, උෂාන් දීමන්ත 12/5, සඳුන් සත්සර 18/2, හේෂාන් මදුශංක 16/2)

 


අදහස් (0)

දීමන්ත පිළියන්දල මැදි විදුහල අවසන් තරගයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.