Last Update  :  2025-01-22 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දෙවැනි කොටසේ ශූරතාව කොළඹ මහානාම ‘බී’ පිලට
13 න් පහළ ක්‍රිකට්

දෙවැනි කොටසේ ශූරතාව කොළඹ මහානාම ‘බී’ පිලට

editorial - 2025 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ මහානාම විද්‍යාල ‘බී’ කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. 

කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති අවසන් තරගයේදී  අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් මහානාම විද්‍යාල ‘බී’ ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගත්හ. 

පාසල් කණ්ඩායම් 89 ක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 
මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම ඕවර 49.4 කදී සියලු දෙනා  දැවී ලකුණු 130 ක් රැස් කළේය. නේමිත දහම් නොදැවී ලකුණු 45ක් රැස් කරමින් තම පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරු වූ අතර, විනුක් තෙව්නාත් (17) 
සමගින් එක්ව තම ඉනිමේ අවසන් කඩුල්ලට ලකුණු 66ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින් මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. පන්දු යැවීමේදී තාරුක රන්මිර කඩුලු 3ක් දවාලූ අතර,  සිනෙත් මෙන්ඩිස් කඩුලු 2ක් බිඳ හෙළීය.

ඊට පිළිතුරු ලෙසින් අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලය ඕවර 41.2 කදී ලකුණු 71කට දැවී ගියේය. පී. ද එස්. කුලරත්න විද්‍යාල පිලේ ඉනිමේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා වූ තෂ්මික ඉමාෂ් ලකුණු 28ක් ලබාගත් අතර විනුක් තෙව්නාත් කඩුලු 3 ක් දවාලීය. 


කොළඹ මහානාම විද්‍යාලය ‘බී’ කණ්ඩායම -  පළමු ඉනිම ඕවර 49.4 කදී   130 යි 
(නේමිත දහම් 45, විනුක් තෙව්නාත් 17, තාරුක රන්මිර 18/3, සිනෙත් මෙන්ඩිස් 28/2)
 
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 71 යි
(තෂ්මික ඉමාෂ් 28, විනුක් තෙව්නාත් 17/3, අරෝෂ ශහෂ්වත් 11/2, තස්මිල චනුත් 20/2)


අදහස් (0)

දෙවැනි කොටසේ ශූරතාව කොළඹ මහානාම ‘බී’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.