Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට පාසල් කණ්ඩායම් 32ක් සමත්වූහ.
මෙවර තරගාවලියේදී කණ්ඩායම් 77ක් කාණ්ඩ 11ක් යටතේ පළමු වටයේදී තරග වැදුණු අතර, එහිදී දස්කම් දැක්වූ පාසල් කණ්ඩායම් 32ක් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිති.
පසුගිය තරගවාරයේ සම ශූරතාව දිනාගැනීමට සමත්වූ කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවරත් පළමු වටයේදී දස්කම් දස්කම් දක්වමින් දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටිති. වත්තල ලයිසියම්, මීගමුව මාරිස්ටෙලා, තර්ස්ටන්, කොළඹ රාජකීය, මොරටු විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ආනන්ද, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්, මහනුවර ශාන්ත සිල්වෙස්තර, ගාල්ල ශාන්ත ඇලෝසියස් සහ මාතර ශාන්ත තෝමස් යන කණ්ඩායම් පළමු වටයේදී තම කාණ්ඩයන්හි ශූරයින් වෙමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
කඳාන දි මැසිනෝද්, වත්තල ශාන්ත ජෝශප්, කොළඹ ඩී.එස් සේනානායක, මොරටුව ශාන්ත සෙබස්තියන්, මොරටුව වේල්ස් කුමර, කොට්ටාව ධර්මපාල, කොළඹ මහානාම, පොළොන්නරුව රාජකීය, මහනුවර ත්‍රිත්ව, ගාල්ල රිච්මන්ඩ්, අම්බලන්ගොඩ ධර්මාශෝක යන කණ්ඩායම් පළමු වටයේදී ඒ ඒ කාණ්ඩයන්හි අනු ශූරයින් වෙමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
කැළණිය ගුරුකුල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, මීගමුව හරිස්චන්ද්‍ර, කොටහේන ශාන්ත බෙනඩික්ට්, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර ධර්මරාජ, කටුගස්තොට ශාන්ත අන්තෝනි, බලපිටිය රේවත සහ රත්ගම දේවපතිරාජ යන කණ්ඩායම් පළමු වටයේදී ඒ ඒ කාණ්ඩයන්හි තෙවැනි ස්ථානයට පත්වෙමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
දෙවැනි වටයේ තරග සටහන
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමග තරගය වත්තලදී
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය සමග තරගය ගාල්ලේදී
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමග තරගය මහනුවරදී
මොරටු විද්‍යාලය සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සමග තරගය මොරටුවදී
කොළඹ තර්ස්ටන් සහ බලපිටිය රේවත විද්‍යාලය සමග තරගය කොළඹදී
කොට්ටාව ධර්මපාල විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමග තරගය හෝමාගමදී
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලය සමග තරගය මාතරදී
කොළඹ ආනන්ද විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමග තරගය කොළඹදී
මීගමුව මාරිස්ටෙලා සහ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය සමග තරගය මීගමුවේදී
කඳාන දි මැසිනෝද් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග තරගය කඳානේදී
ගාල්ල ශාන්ත ඇලෝසියස් සහ කැළණිය ගුරුකුල විද්‍යාලය සමග තරගය ගාල්ලේදී
බම්බලපිටිය ශාන්ත පීතර සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සමග තරගය බම්බලපිටියේදී
කොළඹ රාජකීය විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමග තරගය සහ කොළඹදී
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය සමග තරගය මොරටුවේදී
කොළඹ ඩී.එස් සේනානායක විදයාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමග තරගය කොළඹදී
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමග තරගය වෙන්නප්පුවේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.