Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 30 කට කඩුලු 9 ක් දවාලීමට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දෙසඳු ද සිල්වා සමත් විය.
බැල්ලකැටුව ශ්‍රී සුගත ජාතික පාසලට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ දකුණත් වේග පන්දු යවන දෙසඳු ද සිල්වා ලකුණු 30 කට කඩුලු 9ක් දවාලීය. තම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී බණ්ඩාරවෙලදී මධ්‍ය මහා විද්‍යාලය බැල්ලකැටුව ශ්‍රී සුගත ජාතික පාසලට එරෙහිව කඩුලු 9 ක ජයක් ලැබීය.
බැල්ලකටුව ශ්‍රී සුගත ජාතික පාසල - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 54 (දෙසඳු ද සිල්වා 30/9)
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 5.4 කදී කඩුලු 1 ක් දැවී 55 (රනුග සුහාෂ් 32 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.