Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දේවානන්දය අවසන් පූර්ව වටයට

දේවානන්දය අවසන් පූර්ව වටයට

editorial - 2022 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සමත් විය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 26 ක ජයක් වාර්තා කරමින් දේවානන්ද ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී දේවානන්ද විදුහලේ අරූෂ ආකාෂ් ලකුණු 49 ක් රැස්කළ අතර එම විදුහලේම කවීෂ කල්පන ලකුණු 21 කට කඩුලු 3 ක් බිඳහෙළීය.


ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 179   
(අරූෂ ආකාෂ් 49, ජයතු චතුරංග 24/3, ගරුක සංඛේත් 34/2, මොහොමඩ් රිෆ්නාස් 52/2)

ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 153  
(හසංජ බණ්ඩාර 48, ලක්ෂිත උදේෂ් 24, කවීෂ කල්පන 21/3, වනිත් ද සිල්වා 19/2, හසිඳු ප්‍රබෝද 05/2, මිතිල ප්‍රනාන්දු 46/2)

-036

 


අදහස් (0)

දේවානන්දය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.