Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්නිපිටිය ධර්මපාල හා මාතර රාහුල දෙවිදුහල් අතර වාර්ෂික ක්‍රිකට් තරගය වන ‘රන් සිංහ සටන’ මහා ක්‍රිකට් තරගයේ 14 වැනි අදියර අද (28දා) ආරම්භ වේ.
මෙවර ධර්මපාල විදුහලේ සත්කාරකත්වයෙන් මෙම තරගය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (28දා) හා හෙට (29දා) පැවැත්වේ. අනතුරුව දෙවිදුහල අතර එක්දින තරගය අනිද්දා (30දා) පී.සරා ඕවල් පිටියේදීම පැවැත්වේ.
2012 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරගාවලියේ පසුගියවර පැවති තරගය තියුණු මුහුණුවරක් ගත්තත්, ජය පැරදුමෙන් තොරව නිමා වූයේ ධර්මපාල විදුහල පරාජයෙන් බේරා ගනිමිනි. කෙසේ වෙතත් එක්දින තරගයේ ජය ධර්මපාල විදුහල් කණ්ඩායම හිමිකර ගත්තේය.
මේ දක්වා තරගාවලියේ පැවති තරග අතරින් එකම ජයග්‍රහණය ධර්මපාල විදුහල හිමිකර ගෙන ඇති අතර, රාහුල විදුහලට කිසිදු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකියාවක් ලැබී නොමැත. අනෙක් සියලු තරග අවසන් වී ඇත්තේ ජය පැරදුමෙන් තොරවයි.
මෙවර රන් සිංහ සටනේදී ධර්මපාල විදුහල් කණ්ඩායමේ නායකත්වය නෙත්මිණ නිර්මාල් විසින් දරන අතර, රාහුල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන්නේ සදෙව් ගමගේ විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.